April 20, 2024

අලි සබ්‍රිගේ සහ රහුමාන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

අලි සබ්‍රි රහීම් සහ ඉෂාක් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනා වරාය නගර ආර්ථික කොමිෂන් සභා (පොර්ට් සිටි) පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන්.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී තීරණය කිරීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක නීතීඥ එන්. එම්. සහීඩ් පවසනවා.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය යනු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නායකත්වය දරණ පක්ෂයයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 May 2021 20:28

Related items