April 20, 2024

දුම්රිය හදිසියේ නවතියි - ලංගම බස් රථ වැඩි වෙයි

දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය එක්ව හදිසි වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව කිසිදු දුම්රියක් අද (17) දින ධාවනය නොකෙරෙන බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් කාර්යාල මගීන්ගේ පහසුව සඳහා අමතර ලංගම බස් රථ යෙදවීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මෙම සංගම් මෙලෙස වැඩ වර්ජනයකට සුදානම් වන බවට තමන්ට කල්තියා තොරතුරු ලැබීම නිසා ජනතාව අපහසුතාවයට පත් වීම වැළැක්වීම පිණිස මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

ජනතාව ඉතා දුෂ්කර තත්වයක සිටින මොහොතක පටු අරමුණු වෙනුවෙන් අසාධාරණ වැඩ වර්ජනවලට සූදානම්වීම පිළිබඳව ඔහු කණගාටුව ද පළ කළා.

ලංගම බස්රථ අද දින වැඩි වශයෙන් යොදවන බවත් ඒ හරහා ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 17 May 2021 07:23