March 28, 2024

WhatsApp භාවිත කරන අයට අනතුරු ඇඟවීමේ නිවේදනයක්!

වට්ස්ඇප් (WhatsApp) පරිශීලකයින් වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එම ආයතනය අනතුරු අඟවන්නේ, ඉලක්කම් 06ක කේතයක් එවූ බවට සඳහන් කරමින් වට්ස්ඇප් ඔස්සේ පණිවිඩයක් ලැබුණ හොත් එයට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙසයි.

ඔබේ සබඳතා ලැයිස්තුවෙහි (Contact List) සිටින දන්නා හඳුණන කෙනෙකුගෙන් එවැනි පණිවිඩයක් ලැබුණ ද එයට ප්‍රතිචාර නොදක්වන ලෙස දැනුම් දෙන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරන්නේ, දන්නා හඳුණන කෙනෙකුගෙන් එවැනි  පණිවිඩයක් ලැබුණහොත් එම පුද්ගලයාගේ වට්ස්ඇප් ගිණුමට අවදානම් තත්ත්වයක් බලපා තිබිය හැකි බැවින් ඒ පිළිබඳව අදාළ තැනැත්තා දැනුවත් කිරීමට කටයුතු යොදන ලෙසයි.

මෙවැනි ආකාරයේ අවදානමකට ඔබේ වට්ස්ඇප් ගිණුම ලක් නොවන ආකාරයට එහි ආරක්ෂක උපක්‍රම භාවිත කරන ලෙසත් ඒ සඳහා “2 Factor Authentication” ක්‍රමය සක්‍රීය කරගන්නා ලෙසත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කරනවා.

“2 Factor Authentication” යනු ඔබේ ගිණුමට අනවසර පුද්ගලයෙකුට ඇතුළු වීම වැළැක්වීමට යොදාගන්නා උපක්‍රමයක්වන අතර එම ක්‍රමය සක්‍රීය කළ විට ඔබේ ගිණුමට ඇතුළු වීමේ දී ඔබේ ජංගම දුරකතනයට ලැබෙන කේතයක් ඇතුළත් කිරීම අනිවාර්යය වනවා.

එමගින්, ඔබේ දුරකතනය ලඟ ඇත්නම් පමණක් ගිණුමට ප්‍රවේශ විය හැකි ලෙස ආරක්ෂාව සැකසෙන අතර මේ හරහා ඔබ හැර වෙනත් අයෙකුට ඔබේ ගිණුමට අනවසරයෙන් පිවිසීමට හැකි අවදානම අවම වනවා.

Rate this item
(19 votes)
Last modified on Saturday, 15 May 2021 18:01