April 25, 2024

උණු උණු කාපට් ගැලවෙයි - ජනතාව පාලකයින්ගේ රෙදි ගලවයි (PHOTOS)

පසුගිය දින කිහිපයෙහි පතිත වූ වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක් විනාශ වී ඇති අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේවන විට සමාජ ජාල උණුසුම් කරමින් පැතිර යනවා.

බොහෝ දෙනා පවසන්නේ මෙය වර්ෂාවේ ප්‍රතිඵලයක් නොව පාලකයින් විසින් ජනතාව රැවටීමට ලක් කිරීමේ එක් ප්‍රතිඵලයක් බවයි.

ඉන් එකක් වන්නේ පිටිගල සිට මාපලගම දක්වා දිවෙන මාර්ගය යි.

වර්ෂාව හේතුවෙන් එම මාර්ගයට දැඩි ලෙස අලාභ හානි වී තිබෙනවා.

විශේෂත්වය වන්නේ මෙම මාර්ගය ඉතා මෑත කාලීනව කාපට් කර ඇති එකක් වීමයි.

සම්පූර්ණ දිග කිලෝමීටර් 13ක් පමණ වන මෙම මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණයේම කටයුතු තවමත් අවසන් වී නැහැ.

මෙලෙස හානි වී ඇති කොටස සාදා ඇත්තේ කොපමණ මෑත කාලීනවද යන්නට එය ද කදිම උදාහරණයක්.

වැසි තත්ත්වයෙන් අදාළ මාර්ගයේ ස්ථාන කිහිපයක්ම විනාශ වී තිබෙනවා.

මේ අතර ප්‍රදේශවාසීන් පවසන්නේ විනාශ වී ඇති ස්ථාන කාපට් අතුරා සකස් කිරීමෙන් අනතුරුව ගත වී ඇත්තේ මාස දෙකක පමණ සුළු කාලයක් පමණක් බවයි.

නිසි ප්‍රමිතියකින් තොරව එම කටයුත්ත සිදු කර ඇති නිසා මාර්ගයට මෙම ඉරණම අත් වුණු බවට ඔවුන් චෝදනා නගනවා.

මෙය කාපට් මාර්ගයක් බවට පත් කිරීමට පෙර කොංක්‍රීට් මාර්ගයක් පැවැති බවත්, කොන්ත්‍රාත්කරුවන් විසින් පෙර පැවැති කොංක්‍රීට් මාර්ගය මත ඍජුවම කාපට් ඇතිරීම සිදුකොට ඇති බවත්, ඒ අනුව එය ඉතා වංචනික ලෙස සිදුකොට ඇති බව මේවන විට ඔප්පුවන බවත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරනවා.

මේ අතර පුවත් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ මාර්ගයේ කාපට් ඇතිරීමේ කටයුතු සිදු කළ සමාගම විසින් එය නැවත සැකසීමට එකඟ වී ඇති බවයි.

May be an image of tree and road

May be an image of one or more people, people standing, tree and outdoors

May be an image of outdoors and tree

May be an image of tree and road

එමෙන්ම අගලවත්ත සහ බේරගම යා කරන මාර්ගය ද කාපට් ගැලවී වි විනාශ වී තිබෙනවා.

මෙයට හේතු වී ඇත්තේ ද වැසි සහිත කාලගුණයයි.

මෙම මාර්ගය ද ඉතා මෑතකාලීනව සැකසූ එකක්වන අතර කාපට් ගැලවී යාමෙන් අනතුරුව නිරීක්ෂණය වන්නේ පෙර පැවසූ පරිදිම මෙම මාර්ගය කාපට් කිරීමේ දී ද පෙර පැවති කොංක්‍රීට් මාර්ගය මතටම කාපට් අතුරා ඇති බවට යි.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම මාර්ගවල ඡායාරූප හුවමාරු වෙමින් පවතින්නේ නිසි ප්‍රමිතියකින් තොර මාර්ග සංවර්ධනය හරහා මහජන මුදල් කෝටි ගණනක් වියදම්වන බව පවසමින්.

මේ අතර මාලිබොඩ සිට තලාව හිගුරන යා කරන මාර්ගය ද වර්ෂාවට විනාශ වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් ද සමාජ මාධ්‍ය තුළ හුවමාරුවනවා.

සංවර්ධනය කෙරෙමින් තිබූ මාර්ගයක්වන එය ගල් දමා තලා තිබූ බව පැවසෙනවා.

කෙසේ වෙතත් නිසි පරිදි බෝක්කු සහ කාණු ආදිය ස්ථාපනය කළේ නම් මෙම විනාශය වළක්වාගත හැකිව තිබූ බවට යි මහජනතාව චෝදනා නගන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 17:02