April 18, 2024

කොරෝනා හැදී නිවසේ මිය ගිය අයෙක්ගේ සිරුරු හොරෙන්ම භූමිදානය කරලා

කින්නියා පොලිස් වසමට අයත් ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදනය වි නිවෙස් තුළ මියයන අයගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු ලැබි ඇති බව ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි.

මෙම ග්‍රාම නිලධාරි වසම්වලට අයත් ඈත දුෂ්කර ගම්මානවල පවතින තත්වය නරක අතට හැරි ඇති බැවින් එම ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරන ලෙස ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී තිබේ.

නිවෙස් තුළ මියයන්නන් රහසිගතව වල දැමීම සම්බන්ධයෙන් ඇති තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය තවදුරටත් සොයමින් සිටින බව ද ඔහු පවසා ඇත.

මේ නිසා රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන කින්නියා පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරිමට තීරණය කල බව අධ්‍යක්ෂවරයා කියා සිටී.

Rate this item
(0 votes)