April 19, 2024

ඉන්දියාවට විතරක් නෙවෙයි ලංකාවට, වියට්නාමයට, කාම්බෝජයටත් උදව් ඕනේ - තත්වය WHO කියයි

ශ්‍රී ලංකාව ඇතුළු රට වලට හදිසි උපකාර අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්රොස් ඇනම් ඊයේ පැවති දෛනික ප්‍රවෘත්ති සාකච්ජාවේදී සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"මේ අවස්ථාවේදී හදිසි උදව් අවශ්‍ය ඉන්දියාවට පමණක් නෙවෙයි. නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව වැනි රටවලටත් දිනෙන් දින වැඩිවන ආසාදිතයින් සහ ඔවුන් රෝහල්ගත කිරීම් සම්බන්ධව දැඩි සටනකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මේ රටවල් ගැන දැඩි අවධානයක් යොමු කල යුතු වනවා වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය අඛණ්ඩව ඔවුන්ට සෑම ආකාරයකින්ම උපකාර කිරීමට සූදානම්." 

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 15:53