April 25, 2024

මරණ වැඩි වෙන එක ස්වාභාවිකයි - වසංගත රෝග ප්‍රධානී කියයි

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩි නම් මරණ සංඛ්‍යාවද වැඩි වීම ස්වභාවික තත්වයක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඊයේ (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙම තත්වය අවම කර ගැනීම සදහා සෞඛ්‍ය අංශ උපරිමයෙන් උත්සහ කරන බව ඔහු කියා සිටියේය.

මේ අතර අයහපත් කාළගුණය හමුවේ පීඩාවට පත්ව අවතැන් කදවුරු වලට යාමේදි අනිවාර්යෙන් මුව ආවරණයක් පළදින්නැයිද සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.

"දින කිහිපයකදීම මරණ 20ත් 30ත් අතර ප්‍රමාණයක් වාර්තා වීම සිද්ධ වෙනවා. ආසාදිතයින් වැඩි නම් මරණ වැඩි වීම ස්වාභාවිකයි. ඒ තත්වය සිදු වෙන්න පුළුවන්. ඒ නිසා වැඩි මරණ ප්‍රමාණයක් වාර්තා වෙනවා. මෙය වහාම අවම කර ගත යුතුයි. එය අවම කර ගැනීම සඳහා තමයි මේ අවස්ථාවේ අපි කටයුතු කරන්නේ. සෑම රෝගියෙකුටම ඇඳක් ලබා දීලා, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රෝහලකට ඇතුළු කර ප්‍රතිකාර කර අපිට ඉක්මනින්ම එය සිව කර ගන්න පුළුවන් වෙනවා."

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 15:35