April 23, 2024

පිලියන්දල "ලොකුගේ පොකුර" බරටම වැඩ : ඊයෙත් කොළඹින් අංක 1ට

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිස පිළියන්දලින් වාර්තා වන බවත් ඊයේ (14) වැනිදා එම සංඛ්‍යාව 126 ක් වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙයි.

ඊට බලපෑ ප්‍රධානම හේතුව ලෙස ඔහු දක්වන්නේ කොවිඩ් -19 පිටුදැකීමේ වැඩපිළිවෙළ තුළ විද්‍යාත්මක පදනම මත ගනු ලබන තාක්ෂණික තීරණ දේශපාලන හෝ වෙනත් බලපෑමකට යටත්ව වෙනස් කිරීම බවය.

එවැනි තාක්ෂණික තීන්දු කිසිවිටෙකත් වෙනස් නොකළ යුතු බව වෛද්‍ය කොළඹගේ අවධාරණය කරයි.

එහි ප්‍රතිඵල මේ වන විට පිළියන්දල ප්‍රදේශයේ ජනතාව භුක්ති විඳිමින් සිටින බවත් එය එම ප්‍රදේශයේ ජනතාවට කළ අසාධාරණයක් බවද වෛද්‍ය කොළඹගේ වැඩිදුරටත් සඳහන් කරයි.

වෛද්‍ය කොළඹගේ  මෙම අදහස් පළ කර තිබුණේ අද (15) මාධ්‍ය හමුවක් තබමිනි.

පිලියන්දල ප්‍රදේශයට පැනවූ හුදෙකලා නීතිය එය පනවා දිනක් යාමටත් මත්තෙන් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය මත ඉවත් කළ බවට චෝදනා එල්ල විය

තමන්ට එල්ලවන චෝදනා බරපතළ වෙත්ම අමාත්‍යවරයා එම චෝදනා ගල්කිස්ස පොලිස් අධිකාරී , පිළියන්දල ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ පිටට පටවන ලදී.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 14:10