June 22, 2021

පොලිස්පතිගේ නවතම සොයාගැනීම: කුදලගෙනයන නීතියෙනුත් රෝගය බෝවෙනවලු Featured

නිරෝධායන නීති රීති කඩන්නම් විශේෂයෙන්ම මුව ආවරණ පැළඳ සිටින්නන් කුදලාගෙන යෑමේ ක්‍රියාන්විතය වහාම අත්හිටුවන ලෙසට චක්‍රලේඛයක් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් නිකුත් කොට ගෙන තිබේ.

කුදලාගෙන යාමේදී කුදලාගෙන යෑමට ලක්වන පුද්ගලයා කොවිඩ් - 19 රෝගී කාරකයෙකු නම් ඔහු හරහා කුදලගෙන යන පොලිස් නිලධාරීන්ටත් රෝගය බෝවීමට තිබෙන අනතුර මෙන්ම කුදලාගෙන යන සැකකරුවන් එක් රථයක ගෙනයාමේදී එම රථය තුළ රෝගී කාරකයෙකු සිටියහොත් ඔහු හෝ ඇය හරහා අන් අයටද රෝගය බෝවීමට හැකි අනතුර යන කාරණා හේතුකොට ගෙන පොලිස්පතිවරයා මෙම චක්‍රලේඛ නිකුත් කොට තිබේ.

ඒ අනුව මින් ඉදිරියට මුව ආවරණ නොපළඳින පිරිස් කුදලාගෙන නොයන ලෙසටත් , අත් අඩංගුවට ගන්නා සැකකරුවන් එකම රථයක රැගෙන නොයන ලෙසටත් පොලිස්පති වරයා උපදෙස් දී තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 15 May 2021 10:08