April 19, 2024

බහින්බස්වීම මරණයෙන් කෙළවර වෙයි

සපුගස්කන්ද පොලිස් වසමට අයත් මාකොළ උතුර ප‍්‍රදේශයේ ඝාතනයක් සිදුව තිබෙනවා.

පෙරේදා (13) මෙම ඝාතනය සිදු වී ඇත්තේ රාතී‍්‍ර 7.30ට පමණ යි.

වෙළෙඳසලක් අසල දී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර බහින්බස් වීමට සම්බන්ධ එක් පාර්ශ්වයක පුද්ගලයෙකුට අනෙක් පාර්ශවයේ අයෙකු පිහියකින් ඇන තිබෙනවා.

ඉන් මියගොස් ඇත්තේ 39 හැවිරිදි අවිවාහක පුද්ගලයක්.

එමෙන්ම ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බාල සොයුරා ද පහර කෑමට ලක්ව රාගම ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කළා. 

පෞද්ගලික සිද්ධියක් ගැන විමසීමට ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ ඔහුගේ සොයුරා ඇතුළු පිරිසක් මාකොළ උතුර හන්දියේ අදාළ වෙළෙඳසල අසලට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ වෙළෙඳසලේ සිටි පිරිස පිටතට පැමිණීමත් සමග ඇතිවූ කතාබහ දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට හෙළිවූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු මේ වනවිට ප‍්‍රදේශය අත්හැර පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක් අරඹා ඇති බව ද ඝාතනයට යොදාගත් පිහිය මෙතෙක් හමු වී නොමැති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 09:07