April 20, 2024

UPDATE: මියගිය ගණන වෙනස් වෙයි - ඊයේ මරණ 30ත් පනියි Featured

UPDATE: 

තවත් කොවිඩ් ආසාදිත මරණ 31ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව දිනක් තුළ මෙරටින් තහවුරු වූ වැඩිම මරණ ගණන වන්නේ මෙයයි

මෙම මරණ 31ත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 923ක් දක්වා ඉහළ ගියා. 

කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ නිවේදනයෙහි දැක්වුණේ තහවුරු කරගත් නව මරණ ගණන 29ක් බවයි.

එම නිවේදනය අනුව අප මීට පෙර පළ කළ පුවත් වාර්තාව සහ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත්ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ ලැයිස්තුව පහතින්..


දිනක් තුළ තහවුරු වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ දී නිකුත් කරන ලද දෛනික කොවිඩ් මරණ වාර්තාව ඇතුළත් නිවේදනයේ මේ බව සඳහන් වනවා.

එම නිවේදනයේ සඳහන් කොට ඇත්තේ සිදුව ඇති නව මරණ ගණන 29ක් බවයි.

මිය ගිය තැනැත්තන් දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වීම විශේෂත්වයක්.

මරණයට පත්වූවන්ගෙන් බහුතරය කාන්තාවන්.

ඒ අනුව කාන්තාවන් 18 දෙනෙකු සහ පුරුෂයින් 11 දෙනෙකු මියගිය පිරිස අතර වනවා.

මෙම මරණ ගණනත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 921 දක්වා ඉහළ ගියා.

මියගිය තැනැත්තන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව පහතින්..

Jlbracvi o

Y9bwm9kf o

Bpoyl4mc o

Rate this item
(1 Vote)
Last modified on Saturday, 15 May 2021 08:03