March 29, 2024

මහින්ද එරෙහිව අලුත් නඩුවක්

තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට සඳහන් කරමින් ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය වගඋත්තරකරුවන් ලෙස නම් කරමින්.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි ඇය ඉදිරිපත් කරනු ලැබූ සිය පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ. 

රුපියල් මිලියන 100ක වන්දි මුදලට අමතරව දේශපාලන පළිගැනීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වන ලෙස තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද ඇය ඉල්ලා සිටිනවා.

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පමණක් නොව දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනා සහ නීතිපතිවරයා ද, ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් පිරිස ද මෙහිදී වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. 

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 06:54