March 29, 2024

ඩයනා පරණ ඉතිහාසයම මකා දමයි

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමගි ජන බලවේගය සිට ආණ්ඩුවට එකතු වීමත් සමග පරන ඉතිහාසය සම්පූර්ණයෙන්ම අකා මකා දමා තිබේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මුහුණු පොත ගිනුමේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කළ අවදියේ තැබූ සටහන් සියල්ලම මේ වන විට ඉවත් කොට තිබේ.

එසේ ඉවත් කරන ලද සටහන් අතරට වත්මන් ආණ්ඩුවට එරෙහිව පළ කළ අදහස්ද ඇතුළත්ය.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මුහුණු පොත අධ්‍යයනය කිරීමේදී මේ බව දැක ගන්නට පිළිවන.

ඇගේ වත්මන් මුහුණු පොත සටහන්වල විශේෂත්වය වන්නේ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් කරන ගුණකථන මෙන්ම පාර්ලිමේන්තුවේ ඇය කරන ආන්දෝලනාත්මක ප්‍රකාශද ඇතුලත් කොට නොමැති වීමය.

එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට එක්වූ ගමගේ මන්ත්‍රීවරිය පසුගිය පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් ඉදිරිපත්ව අන්ත පරාජයක් ලැබූ අතර සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී යද්දි ඔහුත් සමඟ එකතු විය.

ඉන්පසුව ස්වාමිපුරුෂයාට අයත් පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ලබාදී ඊට හිලව් වන ලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාගත් ගමගේ මන්ත්‍රීවරිය 20 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඡන්දයේදී පක්ෂයේ මතයට විරුද්ධව ගොස් ආණ්ඩුව සමග ඡන්දය දී ආණ්ඩුවට එකතු විය.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 15 May 2021 10:36

Related items