April 20, 2024

එන්නත් දෙකම ලබා දුන්නත් කොවිඩ් හැදෙන්න පුළුවන් - වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු

කොවිඩ් සඳහා එන්නත් දෙකම ලබා දුන්නත් යම් කෙනෙකුට රෝගය වැළදීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කලේ හිරු නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"මෙම වැක්සින් දෙකම ලබා දුන්නත් යම් කෙනෙක්ට කොවිඩ් රෝගය වැළදෙන්න පුළුවන්. ප්‍රධාන අරමුණ තමයි ජනතාව නිව්මෝනියාවෙන් මිය යන එක නවත්තන්න. සංකුලතා ඇති වෙන එක නවත්වන්න සහ ලෙඩේ අමාරු වෙන එක නවත්තන්න."

Rate this item
(1 Vote)
Last modified on Friday, 14 May 2021 19:48