March 19, 2024

ගැබිණි මව්වරුන්ට කොවිඩ් වැළදුනොත් මවට හා දරුවට දෙන්නටම තර්ජනයක් වෙන්න පුළුවන්

ගැබිණි මව්වරුන්ට කොවිඩ් වැළදුණහොත් ඔවුන්ට තර්ජනයක් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී.විජේසූරිය මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පළ කලේ හිරු නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"ගැබිණි මව්වරුන්ට කොවිඩ් වැළදුණහොත් ඔවුන්ට තර්ජනයක් තියෙනවා. තාමත් අපේ රටේ මේ අයට වැක්සින් එක දෙනවද නැද්ද කියන එක ගැන හරිම තීරණයක් නැහැ. සාකච්ජා කරලා තියෙනවා පළමු මාස 3 ඇතුලත වුනත් ලබා දීම සුදුසුයි කියන මතය දැන් ඇවිල්ලා තියෙනවා. ගර්භණිය මව්වරුන්ට පුළුවන් තරම් පරිස්සම් වෙන එක හොඳයි. විශේෂයෙන්ම අවසාන මාස තුනේ ඉන්න මව්වරුන් විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ මොකද ඔවුන්ට රෝගය වැළදුනොත් ඒ මවට දරුවට දෙන්නටම යම්කිසි ආකාරයක තර්ජනයක් තියෙනවා."

Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 19:44