April 25, 2024

කොරෝනා වලින් බේරෙන්න ගංජා ගස පිහිටට එයි (VIDEO)

ලෝක ආර්ථික සංසදය මගින් ප්‍රකාශයට පත් කළ දත්තයන්ට අනුව මසකට මුහුණු ආවරණ දළ වශයෙන් බිලියන 129 ක් සහ අත් ආවරණ බිලියන 65ක් සෑම මසකම පරිසරයට මුදා හැරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිරාපත් නොවන අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කරනු ලබන මෙම මුහුණු ආවරණ සහ අත් ආවරණ දිරාපත් වීමට වසර 450ක් වත් ගතවන බව පර්යේෂකයින්ගේ මතයයි. මේ වෙනුවෙන් විවිධ නිශ්පාදන පිළිබදව අවදානය යොමුවී ඇති කාල වකවානුවක ප්‍රංශ නිශ්පාදන සමාගමක් විසින් සම්පූර්ණයෙන්ම දිරාපත් වන මුහුණු ආවරණයක් නිශ්පාදනය කිරීමට සමත් ව තිබේ.

මෙහි ඇති සුවිශේෂිත්වය ව්න්නේ මෙම මුහුණු ආවරණ නිපදවීම සදහා අමුද්‍රව්‍යය වශයෙන් කන්සා ශාකයේ කද කොටස භාවිතා කරනු ලැබීමයි. ඊට අමතරව තිරිගු පොතු මේ සදහා යොදා ගනු ලබන අතර මුහුණු ආවරනය සදහා ගනු ලබන ඉලාස්ටික් පටිය ද නිශ්පාදනය කරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම දිරාපත් වන ද්‍රව්‍ය මගිනි. 

මෙම මුහුණු ආවරණය භාවිතා කිරීමෙන් පසු ඉවත දැමූ විට එය පසට කාබනික පොහොර වශයෙන් ක්‍රියා කරන බව නිෂ්පාදකයින් පවසයි.

මේ වන විටත් මෙම මුහුණු ආවරණ යුරෝපය සහ කැනඩාව වෙනුවෙන් මිලියන 1.5ක ප්‍රමානයක් අලෙවි කොට ඇති අතර ඉදිරියේ දී නිශ්පාදනය තව දුරටත් පුලුල් කිරීමට බලාපොරොත්තු වනවා. 

Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 19:46