March 29, 2024

ලංගමටත් කොවිඩ්: රෝගීන් 100 පැනලා - බෙහෙත් දෙන හැටි සභාපති කියයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයක් 118 දෙනෙකුට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා හෙළිදරව් කරයි.

ඒ හැරුණු කොට තවත් ලංගම සේවකයන් 672 කොවිඩ් - 19 ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සේ හඳුනාගෙන නිරෝධායනයට යොමුකර තිබෙන බවද සභාපතිවරයා සඳහන් කරයි.

මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් කොවිඩ් - 19 ට ගොදුරුවන ලංගම සේවකයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මධ්‍යස්ථාන 4 ක් ලංගම විසින් නඩත්තු කරමින් පවත්වාගෙන යෑමට සූදානම් බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

එම මධ්‍යස්ථාන 4 කළුතර,අනුරාධපුර,කතරගම සහ බදුල්ල යන ප්‍රදේශවල ලංගම විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථානවලදී ප්‍රතිකාර ලබාදීමට බලාපොරොත්තු වන බව පෙන්වා දෙන සභාපතිවරයා මේ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට සූදානම් කරමින් තිබෙන බවද සඳහන් කරයි.

ලංගම සේවකයෙකුට කොවිඩ් - 19 ආසාදනය වී ඇත්දැයි වාර්තා වූවොත් එම සේවකයාව ඒ අවස්ථාවේදීම සිටින ස්ථානයෙන් ඉවත් කොටගෙන ලංගම විසින් පවත්වාගෙන යන ඉහත ස්ථාන 4 න් එකකට යොමු කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා අවධාරණය කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 19:31