April 20, 2024

(EXCLUSIVE) ලොක් ඩවුන් තීරණය එයාගේ: එහෙම කරලා එයා එයාගෙ රටට පැන්නා - ස.ජ.බයෙන් චෝදනා

මේ වන විට ක්‍රියාත්මක වන රට වසා දැමීමේ තීරණය බැසිල් රාජපක්ෂ මහතාගේ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි.

එහෙත් ඒ තීරණය ගත් ඔහු මේ වන විට සිය රට වන ඇමරිකාවට ගොස් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනපති විශේෂ කාර්ය සාධන බලකායේ ප්‍රධානියා ලෙස බැසිල් රාජපක්ෂ මහතා එම තීන්දුව ගත් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධානය කරයි.

එපමණක් නොව රසායනික පොහොර තහනම් කොට කාබනික පොහොර පමණක් යෙදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ  දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී  ලංකාව පත් කිරීම සදහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපතිවරයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවද  මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මේ අදහස් පළකළේ ඒෂියන් මිරර් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 14 May 2021 20:06