March 28, 2024

කුප්‍රකට බහුජාතික සමාගම මහින්ද හමුවූයේ ඇයි?

මෙරට වෙළඳපොළේ ප්‍රමුඛතම නිෂ්පාදන රැසකට හිමිකම් කියන ප්‍රකට බහු ජාතික සමාගමක් සහ අමාත්‍ය මහින්ද අමරවීර අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

අදාළ බහු ජාතික සමාගම මෙලෙස අමාත්‍යවරයාව හමු වී ඇත්තේ ග්‍රෑම් 24 ෂැම්පු සැෂේ පැකට් නිෂ්පාදනයට අවසර දෙන්නැයි ඉල්ලා සිටිමින්.

කෙසේ වෙතත් අමාත්‍යවරයා මෙම ඉල්ලීමට එකඟ වී නොමැති බව සඳහන්.

මේ අතර මෙම හමුව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා අනාවරණය කරන්නේ ග්‍රෑම් 20 ට අඩු සැෂේ පැකට් නිපදවීම තහනම් බවට පවතින නීතිය ‍නොසලකා මෙම සමාගම ග්‍රෑම් 24 බැගින් වන සැෂේ පැකට් මේ වනවිටත් වෙළඳ පොළට නිකුත් කර ඇති බවයි.

රටේ පවතින නීතියට අනුගත වෙමින් කටයුතු කරන්නැයි තමන් එම සමාගමේ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටි බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම හිස් සැෂේ පැකට් ඍජුවම පරිසරයට මුදා හැරීම නිසා මෙරට වැව්, ගංගා, ඇළ දොළ ආදි ජල පද්ධතියට විශාල හානියක් සිදුවන බවයි.

අදාළ නීතිය පනවන ලද්දේ නිෂ්පාදන සමාගම් අකර්මණ්‍ය කිරීමට නොව ‍‍පරිසරය සුරැකීම හා මහජන සෞඛ්‍යාරක්ෂාව සඳහා බව තමන් එම සමාගමට ප්‍රකාශ කළ බව අමාත්‍යවරයා සඳහන් කළා.

Rate this item
(0 votes)

Related items