April 19, 2024

සේරුවිල නාහිමිගේ ආදාහන පූජෝත්සවය ඉන්දියාවේදී සිදු කරයි

චෙන්නායි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි කොවිඩ් 19 ආසාදනය විම නිසා අපවත්වු සේරුවිල මංගල රජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක හිමිගේ ආදාහන කටයුතු ශ්‍රි ලංකා වෙලාවෙන් පෙරේදා (12) පස්වරු 07.30ට චෙන්නාහිදි සිදු කර ඇත.

අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ සේරුවිල මංගල රජමහ විහාරයේදි පැන් වඩා පාංශකූල කටයුතු සිදු කෙරිණි.

ත්‍රිකුණාමලය මහා මයාපුර ශ්‍රි සිද්ධත්ථාරාමාධිපති දොඩම්දුවේ සිරි ධම්මානන්ද අමරපුර කල්‍යාණ වංශ මහා නිකායේ උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝණායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ආගමික වතාවත් පැවැත්වුහ.

මුතූර් ගල්කන්ද රජමහා විහාරාධිපති බලල්ලේ රතනසාර හිමි ඇතුලු ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සේරුවිල මංගල රජමහා විහාරස්ථ චෛත්‍යවර්ධන සමිතිය, දායක සභාව මෙම පාංශුකුලයට සහභාගි වුහ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබද්දි අක්මා බද්ධයක් සදහා ඉකුත් මාර්තු මස අවසන් සතියේ ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුලුත් වු මෙත්තාරාම නායක හිමියෝ ඒ සදහා මුලික ප්‍රතිකාර ලබමින් සිට ඇතැයි මෙරට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පැවසුහ.

කොවිඩ් 19 වෛරසය ඉන්දියාවේ පැතිරි යද්දි ශල්‍ය කර්මය කල්ගිය අතර එහිදි නායක හිමියන්ට කොවිඩ් 19 ආසාදනය වි ඉකුත් මැයි 11 දා ඉන්දියාවේ වේලාවෙන් රාත්‍රි 10.40 ට පමණ අපවත් වුහ. අපවත් වන විට උන්වහන්සේ 60 වන වියේ පසුවිය.

Rate this item
(0 votes)