March 29, 2024

"බය වෙන්න එපා..බැසිල් රට ගියාට ඊටත් වඩා හොඳින් වැඩ කරනවා" - ඇමැති චමල් කියයි

පසුගිය 12 වැනිදා අලුයම 3 .15 ට පමණ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගත වීම පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු එලෙස අමෙරිකාව බලා පිටත්ව ගිය බවයි.

නමුත් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා විදේශගත වූයේ පෞද්ගලික හේතුවක් මත බවයි.

බැසිල් රාජපක්ෂ මහතා සති තුනක කාලයක් ඇතුලත නැවත ලංකාවට පැමිණෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කිසිදු අසනීපයක් නොතිබූ බවද තමන්ට ඊයේ දිනයේ බැසිල් රාජපක්ෂ මහතා මුණගැසුණ අවස්ථාවේදීත් රටින් පිටව යන අවස්ථාවේදීත් කිසිම ලෙඩක් ඔහුට නොතිබූ බවද ඇමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් පැවසූවේ බැසිල් රාජපක්‍ෂ මහතා විදෙස් ගත වූවද වැඩ කටයුතු පාඩුවක් නොවන බවත් ඊටත් වඩා හොඳින් අපි දැන් වැඩ කරන බවත්ය.

එනිසා බිය විය යුතු නැති බවද චමල් රාජපක්ෂ ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 10:11