April 23, 2024

මේවා ඝාතන - ආණ්ඩුවට සජිත්ගෙන් දැඩි චෝදනාවක්

අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතු බවත් එහෙත් නීතියට පිටින් ගොස් හිතුමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව යමින් සිටින්නේ ඒකාධිපති, ආඥාදායක ගමනක් බව පැවසූ ඒ මහතා ඊට එරෙහිව සමගි ජන බලවේගය පෙරට එන බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) විපක්ෂ නායක කාර්‍යාලයේ දී මේ බව පැවසීය.

පොලිසිය විසින් සැකකරුවෙකු ඝාතනය කරන විට එම රාජ්‍ය අවනීතිය රජ කරන ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් වෙන බවත් එවන් ඝාතන තුළින් සැකකරු සමග ගණුදෙනු කළ දේශපාලකයන්ට සහ ඉහල පෙලේ ජාවාරම්කරුවන්ට නීතියේ ‍රැහැනින් පැන යන්න හැකි බවත් එපමණක් නොව එයින් නීතියේ ආධිපත්‍යය සහ නීතිය බලාත්මක කරන ආයතන කෙරේ ඇති විශ්වාසය අහෝසි වී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 May 2021 20:20