March 29, 2024

ඇමති ප්‍රසන්න මහ දවල් කොවිඩ් නීති කඩයි - පාක්ෂිකයින්ගෙනුත් බැණුම්

වතුපිටිවල රෝහල සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිකල තාවකාලික කොවිඩ් වාට්ටුව සෞඛ්‍ය අංශ වෙත භාරදීම උත්සවාකාරයෙන් සිදු කර තිබෙනවා.

කිසිදු ආකාරයේ උත්සවයක් සංවිධානය නොකළ යුතු බවට වූ කොවිඩ් 19 මාර්ගෝපදේශනයන් ද නොතකමින් මෙම උත්සවය පවත්වා ඇත්තේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ සහන් ප්‍රදීප් විතාන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගී වී සිටි අතර ඔවුන් ඇතුළු එයට සම්බන්ධ වූ පිරිස් නිසි පරතරය තබා නොගනිමින් කටයුතු කළ ආකාරය ද දක්නට ලැබුණා.

ඒ දෙදෙනෙකු අතර පරතරය අවම වශයෙන් මීටර 2ක් වත් විය යුතු බවට සෞඛ්‍ය අංශ සිදු කරන නිර්දේශ ද නොතකමින්.

කොවිඩ් 19 මාර්ගෝපදේශනවලට අවනත නොවන සාමාන්‍ය වැසියන් අත්අඩංගුවට පවා පත්වන පසුබිමක අමාත්‍යවරුන් මෙලෙස කටයුතු කිරීම සමාජ මාධ්‍ය ආදියේ බොහෝ දෙනා දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තවත් ප්‍රදේශ කිහිපයකම රෝහල් වෙත මෙවන් තාවකාලික කොවිඩ් වාට්ටු ඉදිකර දුන් අතර එම ප්‍රදේශවල ජනතා නියෝජිතයින් ඒ සඳහා උත්සව සංවිධානය කර තිබුණේ නැහැ.

එවන් පසුබිමක් මත ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ මෙම ක්‍රියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයින්ගේ පවා දැඩි විවේචනයටත් දෝශදර්ශනයටත් ලක්ව තිබෙනවා.

අදාළ උත්සවයේ ඡායාරූප පහතින්..

May be an image of 1 person and standing

May be an image of one or more people and people standing

May be an image of 1 person, standing and indoor

May be an image of one or more people, people standing and indoor

May be an image of one or more people, people standing and flower

May be an image of 1 person, sitting and standing

May be an image of one or more people, people sitting and people standing

May be an image of one or more people and people standing

May be an image of 1 person and indoor

May be an image of one or more people, people sitting and indoor

No photo description available.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 19:32