April 23, 2024

'මට හුස්ම ගන්න බෑ' කියූ අහංගම අම්මා නිවස තුළම කොවිඩ් මාරයාට බිළි

සිය නිවස තුළ හදිසියේ මියගොස් සිටි අහංගම ප්‍රදේශයේ  කාන්තාවකගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව බව අනාවරණය වී තිබෙනවා. 

ඒ ඇගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණයේ දී මෙය අනාවරණය වූ බවයි ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා පවසන්නේ. 

මෙලෙස මියගොස් ඇත්තේ 75 හැවිරිදි සිව්දරු මවක්. 

මෙම කාන්තාව අධි රුධිර පිඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව යන රෝග හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සායනවලින් ප්‍රතිකාර ලබාගනිමින් සිට තිබෙනවා. 

සිය නිවස තුල සිටිය දී හුස්ම ගැනිමට අපහසු බව ප්‍රකාශ කොට ඇති ඇය ඉන් සුළු මොහොතකට පසුව මියගොස් ඇති බව සඳහන්. 

ඇගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට ගෙන ආ පසු සිදු කළ PCR පරීක්ෂණයක දී තහවුරු වී ඇත්තේ ඇය කොවිඩ් 19 ආසාදිතව සිට ඇති බවට යි. 

කාන්තාවගේ මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් ද, පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි.පෙරේරා මහතා විසින් ද සිදුකරනු ලැබුවා. 

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා තීරණය කළේ මෙම මරණය කොවිඩ් නිව්මොනියාව හේතුවෙන් සිදු වූ බවට යි.

- ලලිත්  චාමින්ද -

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 18:15