April 25, 2024

(EXCLUSIVE) බැසිල් පුද්ගලයෙක්: පුද්ගල චරිත එක්ක අපට ප්‍රශ්න නැහැ: ප්‍රශ්නෙ වෙන එකක් - ඇමති කියයි

බැසිල් රාජපක්ෂ කියන පුද්ගල චරිතය සමග පක්ෂ  12 විකල්ප කණ්ඩායමට ප්‍රශ්නයක් නොමැති බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කරයි.

පුද්ගල චරිත සමග හෝ එම චරිත මුල්කොටගෙන ප්‍රශ්න සාදාගෙන දේශපාලනය කළ නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බැසිල් රාජපක්ෂ මහතා විදෙස් ගත වීමත් සමඟ මෙතෙක් පක්ෂ 12 විකල්ප කණ්ඩායම වර්ජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරියේදී සහභාගි වනවාදැයි ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

තමන්ට ප්‍රශ්නය තිබුණේ බැසිල් රාජපක්ෂ මහතා සමඟ නොව පක්ෂ නායක රැස්වීම පක්ෂ නායක රැස්වීමක් ලෙස නොව සමුළුවක් ලෙස පැවැත්වීමට පොදුජන පෙරමුණේ ඇතැමුන් ගත් ක්‍රියාමාර්ග බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානයේ සිටින්නේ පක්ෂ 14 ක් බවත් එහෙත් එම පක්ෂ නායක රැස්වීමට පොදුජන පෙරමුණ පාර්ශවයෙන් 50 කට අධික සංඛ්‍යාවක් සහභාගී කරවීමෙන් එය පක්ෂ නායක රැස්වීමක් නොව පක්ෂ සමුළුවක් බවට පරිවර්තනය වූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම වැරැද්ද නිවැරදි වන ඕනෑම අවස්ථාවක එම රැස්වීමට තම පාර්ශවය සහභාගි වීමට සූදානම් බවද සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 17:09