April 25, 2024

ලිට්රෝ ගෑස් 12.5 එන්නේ නැහැ: දෙවතාවක්ම එව්වෙ ලීටර 18 - අලෙවිකරුවන් තහවුරු කරයි

කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මේ වන විට බොහෝ වෙළඳ මධ්‍යස්ථාන වෙත නොලැබෙන බව වාර්තා වෙයි.

ඒ වෙනුවට ලබා දෙන්නේ රු.1395 මිලකට අලෙවිකරණ  ලීටර 18 ක් බරැති සිලින්ඩර බව එම වෙළෙඳ මධ්‍යස්ථාන හිමියන් ප්‍රකාශ කරයි.

මේ වන විට දෙවතාවක්ම ලිට්‍රෝ ගෑස් සමාගම නව ගෑස් සිලින්ඩර සිය වෙළෙඳ මධ්‍යස්ථාන වෙත ගෙන ආ බව පෙන්වා දෙන හොරණ ප්‍රදේශයේ වෙළඳසැල හිමියන් ඒ අවස්ථා දෙකේදීම ලබා දුන්නේ ලීටර් 18 ගෑස් සිලින්ඩරය බවද පෙන්වා දෙයි.

මේ තත්ත්වය මත මේ වන විට කිලෝ ග්‍රෑම් 12.5 බරති ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මේ වන විට වෙළඳපොලේ මිලදී ගැනීමට නොමැති බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ.

මතභේදයට තුඩු දුන් ලීටර 18 නව ගෑස් සිලින්ඩරය හඳුන්වාදීම සම්බන්ධයෙන් ,එම සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ අඩුවකින් තොරව කිලෝ ග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරද වෙළෙඳ පොලේ මිලදී ගැනීමට තිබෙන බවය.

ලීටර් 18 ගෑස් සිලින්ඩරය කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයට පුරවා වෙළෙද නිකුත් කරනු ලැබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 17:01