April 23, 2024

"අපරාදේ රාමසාන් කලින් තිබ්බා නම් මීට කළින් රට වහනවා" - මුජිබර් රහුමාන්

සිංහල - දෙමළ අවුරුදු උත්සව ස‍මයේදී අවම වශයෙන් පළාත් අතර සංචරණ සීමා හෝ පැනවීමට කටයුතු කරන ලෙස වෛද්‍ය විශේෂඥයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිගින් දිගටම ඉල්ලා සිටි නමුත් ඊට කන්දීමට ආණ්ඩුව සූදානම් නොවූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට 2000 ඉක්මවන ආසාදිතයන් පිරිසක් දිනපතා වාර්තා වන තත්වයට වසංගතය දරුණු වී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදීය.

එදා වෛද්‍ය විශේෂඥයන් ලබා දුන් උපදෙස් පිළිපදිමින් සංචරණ සීමා පැනවීමට කටයුතු කළේ නම් මෙවැනි අවාසනාවන්ත තත්වයක් උද්ගත නොවන බව මන්ත්‍රීවරයා පවසයි.

එදා එසේ කටයුතු කළ ආණ්ඩුව අද රාමසාන් දිනය එළඹෙද්දීම රට සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති බව පෙන්වා දෙන මුජිබර් රහුමාන් මහතා පෙන්වා දෙන්නේ සිංහල අවුරුද්දට පෙර රාමසාන් සමය එළඹියේ නම් ආණ්ඩුව ලොක්ඩවුන් කිරීමට කටයුතු කරන බවය.

ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ, සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් හෝ අනතුරු ඇඟවීම් මත නොව වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදය මත බව ඔහු පවසයි.

එදා මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින්, කොවිඩ් මළසිරුරු භූමදානය කිරීමට ඉඩ නොදුන්නේද ආණ්ඩුව වර්ගවාදී තීන්දු තීරණ නිසා බව මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 19:46

Related items