March 29, 2024

මුල්ලිවයික්කාල් යුධ සැමරුම් ස්මාරකයක් හොර රහසේම කඩා දමලා (PHOTOS)

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාර්කය අද (13) අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩා දමා පලා ගොස් ඇතැයි මුල්ලිවයික්කාල් ප්‍රදේශවාසීන් පවසති.

යුද්දය අවසන් වී වසර 12 ක් පිරීම නිමිත්තෙන් මෙවර මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය පිරිසිදු කිරීමට ගිය මුල්ලිවයික්කාල් වැසියන් ස්මාරකය කඩා දමා ඇති බව දැක ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇත.

එමෙන්ම මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකයේ පහන් කණු ස්මාරකයේ පහන් දල්වන ප්‍රධාන පහන ආදිය කඩා ස්මාරකයට දැඩි හානි කොට ඇති බවටද ප්‍රදේශවාසීන් පවසා සිටියහ.

පවතින කොවීඩ් අවධානම හේතුවෙන් මෙවර මුල්ලිවයික්කාල් යුද සැමරුම් උත්සවයක් නොපැවත්වුවද එම ස්ථානය පිරිසිදු කිරීමට යාමේදී මෙම අභාග්‍ය සම්පන්න සිදුවීම සිදුව ඇතැයිද අදාල ක්‍රියාව සිදු කල පුද්ගලයින් කවුරුන් දැයි සොයා බලා නීතිය වහාම ක්‍රියාත්මක කරන ලෙසටද මුල්ලිවයික්කාල් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසා සිටිති.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 17:06