March 28, 2024

මිනුවන්ගොඩින් ගත් PCR සාම්පල තොගයක් අපතේ යයි

PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජනතාවගෙන් ලබාගත් ජෛව සාම්පල් තොගයක තිබූ ජෛව සාම්පල් 20ක් කල් ඉකුත් වී තිබෙනවා.

මේ හේතුවෙන් එම ජෛව සාම්පල් PCR පරීක්ෂණ සඳහා යොදාගත නොහැකි බවයි වාර්තා වන්නේ.

මෙලෙස කල් ඉකුත් වී ඇත්තේ මිනුවන්ගොඩ, හොරම්පැල්ල ප‍්‍රදේශයේ දී පසුගිය 06 වැනිදා පුද්ගලයන් 190 දෙනකු අතරින් ලබාගත් සාම්පල් 20ක්.

මෙම වාතාවරණය යටතේ කල් ඉකුත් වූ ජෛව සාම්පල් හිමි පුද්ගලයින් පිළිබඳ PCR පරීක්ෂණය සිදු කිරීම සඳහා ඔවුන්ගේ ජෛව සාම්පල් යළි ලබා ගැනීමට සිදුවන බව මිනුවන්ගොඩ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ. ඩී. ආර්. සංජීව මහතා ප්‍රකශ කළා.

සාම්පල් කල් ඉකුත් වී ඇත්තේ ඒවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන යෑමට සිදුවූ ප්‍රමාදය නිසා බව ද ඔහු පෙන්වා දෙනවා.

කල් ඉකුත් වූ ජෛව සාම්පල් ඇතුළත් වූ ජෛව සාම්පල් තොගයෙන් 12ක් කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට ද හඳුණාගෙන ඇති බව සඳහන්.



Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 14:32