April 23, 2024

ලාංකික දරුවන් රැගෙන ගොස් සුද්දන්ට විකුණන ජාවාරමක් ගැන තොරතුරු එළියට

ශී‍්‍ර ලාංකික ළමුන් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

මෙම ජාවාරම්කරුවන් මෙතෙක් අළෙවි කර ඇති ළමුන් ප්‍රමාණය 11,000ක් පමණවන බවයි පැවසෙන්නේ.

මේ බව අනාවරණය කරගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ කමිටුවක් විසින්.

එම කමිටුව විසින් මෙම දරුවන් පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලෙස ස්විස් රජයෙන් ඉල්ලා ඇති අතර එම ඉල්ලීමට එම රජය එකඟ වී ඇති බව සඳහන්.

මේ වනවිට අනාවරණය වී ඇත්තේ නීතිවේදිනියක් සහ ජාවාරම්කරුවන් පිරිසක් මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බවට යි.

ස්විට්සර්ලන්තය තුළ පමණක් ශී‍්‍ර ලාංකික දරුවෝ 200කට අධික සංඛ්‍යාවක් සිටින බව ද මෙහි දී අනාවරණය වී ඇති අතර මෙම දරුවන් හදා වඩාගෙන ඇති ස්විස් ජාතිකයන් පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 09:25