April 20, 2024

අද සිට දිවයින පුරා සංචරණ සීමා - ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණය සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා පමණක් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 13:02