April 20, 2024

රසායනික පොහොර තහනමට ගොවීන්ගේ විරෝධය (VIDEO)

කෘෂි රසායනික පොහොර තහනම් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ මේ වන විට දිවයිනේ ප්‍රදේශ බොහොමයක ගොවින් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ බඩඉරිඟු ගොවින් මෙම පොහොර ගැටලුව හේතුවෙන් විරෝධතාවක්ද සංවිධානය කොට තිබිණි.

මේ අතර අම්පාර දිස්ත්‍රික්කයට අයත් රජගලතැන්න නුගේලන්ද සහ ගම්මාන කිහිපයක අක්කර 2000කට පමණ පොහොර නොලැබීම හේතුවෙන් එම ගොවින් අසීරුතා රැසකට මුහුණ දී තිබේ.

මේ අනුව ගොවි සංවිධාන කිහිපයකින් ලැබුණු පැමිණිලි මත වැඩි මිලකට අලෙවිය සඳහා පොහොර සඟවාගෙන සිටි ඇඹිලිපිටිය තුන්කම ප්‍රදේශයේ රජමඩම පොහොර අලෙවි සැලක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ වටලනු ලැබිය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 13:01