April 25, 2024

කොවිඩ් වැලඳුණු 70%කට රෝග ලක්ෂණ නැහැ

වාර්තා වන ආසාදිතයන්ගෙන් 70% ක් පමණම රෝග ලක්ෂණ නොපෙන්වන බවද හෙළි වී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ආසාදිතයන්ගෙන් 5% ක් පමණ හදිසි ප්‍රතිකාර ඒකක වෙත යොමු කිරීමට සිදුව තිබේ.

වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 17% කට පමණ ප්‍රමාණයකට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති කොවිඩ් තාක්ෂණික කමිටුවේදී අනාවරණය වී තිබේ. 

පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම ප්‍රමාදවීම වැළැක්වීම සඳහා පරීක්ෂණ, උපාය මාර්ගික ක්‍රමවේදයක් යටතේ සිදු කිරීමටද මෙහිදී තීරණය කළ බව රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවැසුවාය.

දැඩි සංචරණ සීමා පැනවීමකදී හෝ සම්පූර්ණ හුදෙකලා කිරීමකට ලක් වූ විට ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය උපදෙස් මාලාවක් සකස් කිරීමටද මෙහිදී තීරණය කරන ලදී.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙන් මෙම තාක්ෂණික කමිටු රැස්වීම පැවැත්විණි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 11:03