April 25, 2024

සජිත් නියම ඉලක්කයටම විදියි

සමගි ජන බලවේගයට අනුබද්ධිතව සමගි බෞද්ධ ව්‍යාපාරයක් ගොඩ නැගීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවරහ් ගෙන තිබේ.

මුල් පියවර ලෙස එක් මැතිවරණ කොට්ඨාශයකින් භික්ෂූන් වහන්සේලා දහ නමක් සම්බන්ධ කොටගෙන මෙම ව්‍යාපාරය ගොඩනැගීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ඉලක්කය වී තිබේ.

සමගි ජන බලවේගයේ ඉදිරි ගමනට බෞද්ධ බලවේගයෙ ඇති වටිනාකම තේරුම් ගෙන ඇති විපක්ෂ නායකයා සමගි බෞද්ධ ව්‍යාපාරය ගොඩනැගීමේ වගකීම එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා වෙත පවරා තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම පසුගිය මහ මැතිවරණයේදීද සමගි ජන බලවේගයට බෞද්ධ බලවේගයේ සැලකිය යුතු සහායක් නොලැබුණු අතර එම මැතිවරණ දෙකේ පරාජයන්ට එය ප්‍රධාන හේතුවක් විය.

එම මැතිවරණ දෙකේදීම සමගි ජන බලවේගය සුළු ජාතික ඡන්ද පදනම මත සිය විශ්වාසය තබා කටයුතු කරනු දක්නට ලැබුණි.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 12 May 2021 21:48