April 25, 2024

"හදවත උණුවෙනවා ජනතාව දැක්කම" - සජිත් හුස්ම දෙන්න යයි

"විපක්ෂයෙන් හුස්මක්"- කොරෝනා ව්‍යසනයට එරෙහි සමගි ජනබලවේගයේ සමාජ මෙහෙවර පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. 

එම අවස්ථාවට සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු වන තලතා අතුකෝරාල,රාජිත සේනාරත්න, කබීර් හෂීම්, සහකාර ලේකම් කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

කොරෝනා ව්‍යසනයෙන් අසරණව සිටින ජනතාව සුවපත් කිරීම උදෙසා මෙරට සෞඛ්‍ය සේවයට අත්‍යාවශ්‍ය වන සෞඛ්‍යමය රෝහල් උපකරණ හැකි පමණින් අදාළ රෝහල් වෙත පරිත්‍යාග කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ආරම්භ කර ඇතැයි විපක්ෂ නායක කාර්යාලය පැවසීය.

මීට පෙර ද අවස්ථා කිහිපයකදීම මෙවැනි රෝහල් උපකරණ පරිත්‍යාග කරමින් මිනිසුන්ගේ ජීවත්වීමේ අපේක්ෂාවන් දැල්වීමට විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි ජනබලවේගය කටයුතු කළ අතර එහි නව අදියර අදින් ආරම්භ කෙරේ.

අපේ රටේ ජනතාව දැක්කම සමඟි ජනබලවේගයේ සියලු දෙනාගේ හදවත උණුවෙන බවද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 May 2021 15:05