March 29, 2024

කිංස්ලිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය WHO ප්‍රතික්ෂේප කරයි (VIDEO) Featured

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පසුගිය දා පත් වූ ජනප්‍රිය මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා විසින් ඊයේ (10) නිකුත් කළ නිවේදනයක් කෙරෙහි මේවන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එම ප්‍රකාශය තුළ ඔහු ප්‍රකාශ කොට ඇත්තේ මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබා දී නොතිබුණු, චීනයේ නිෂ්පාදනය කෙරෙන සයිනොෆාම් එන්නත භාවිතය සඳහා අවසර හිමි වූයේ එම සංවිධානයේ ප්‍රධානියා සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවයි.

කෙසේ වෙතත් එහි සත්‍යතාව පිළිබඳව ඩේලිමිරර් පුවත්පත, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසීමක් සිදු කොට තිබෙනවා.

එහි දී එම සංවිධානය විසින් කිංස්ලි රත්නායක මහතාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ බව යි ඩේලිමිරර් පුවත්පත වාර්තා කරන්නේ.

එහි දී ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසා ඇත්තේ යම් කිසි එන්නතක් පිළිබඳ සළකා බලා එය හදිසි භාවිතය සඳහා වූ ලැයිස්තුවට (Emergency Use Listing) එක් කිරීමට මාස 2-3 අතර කාලයක් ගත වීම සාමාන්‍ය සිදුවීමක් බවයි.

එම කාලය ඇතුළත එන්නතෙහි ගුණාත්මක බව සහ අනෙකුත් දත්ත පිළිබඳ පර්යේෂණ කොට එයට අවසර දීමට මෙලෙස වැඩි කාලයක් ගතවන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය, ඩේලිමිරර් පුවත්පත වෙත ප්‍රකාශ කොට තිබෙනවා.

කිංස්ලි රත්නායක මහතාගේ ප්‍රකාශය පහතින්..

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 11 May 2021 12:47

Related items