April 20, 2024

කොරෝනා ගැන ලෝකයටම අනතුරු ඇඟවූ සරසවියෙන් ශ්‍රී ලංකාව ගැනත් ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීමක්

ඇමෙරිකාවේ සියැටෙල් හී පිහිටි වොෂින්ටන් සරසවියට අයත් සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් අධ්‍යයන ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉහළම මට්ටමේ  අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ලෝකයේ බොහෝ රටවල කොරෝනා වසංගත තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් දත්ත අධ්‍යයනය කරමින් සමීක්ෂණයන් කරන මෙම ආයතනය විසින් මෙතෙක් පළ කර තිබූ වාර්තාවල තොරතුරු බොහෝ සෙයින් නිරවද්‍ය වී ඇති බව විදෙස් මාධ්‍යය විසින්ද තහවුරු කර තිබේ.

මෙම අධ්‍යනය ආයතනයේ වාර්තාව ඉදිරි මාස 04ක කාලයක් සඳහා මෙම වාර්තාව සකස් කර ඇති අතර ඔවුන් පළ කර ඇති දත්ත අනුව ශ්‍රී ලංකාව කොරෝනා වසංගත තත්ත්වයේ උපරිම අවදානමට ජූනි මාසයේ දී ළඟා වනු ඇති බව අවධාරණය කර තිබේ.

ජූනි මාසයේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා හේතුවෙන් දෛනිකව මිය යන පිරිස 200කට ආසන්න වනු ඇති බව ඔවුන් පෙන්වා දෙන අතර එහි වැඩිම අගය ලෙස ජූනි 27 වැනිදා මරණ 263ක් පමණ වාර්තා විය හැකි බවට කරුණු දක්වා ඇති අතර තත්ත්වය පාලනය කරගත නොහැකි වූවත් දෛනික මරණ 300ත් ඉක්මවා යාහැකි බව ඔවුන් පෙන්වා දෙයි.

දෛනික මරණ ප්‍රමාණය වාර්තා කර ඇති අයුරු

එමෙන්ම ශ්‍රී ලංකාවේ වෛද්‍ය පහසුකම්වල ධාරිතාවය පිළිබඳව ඔවුන් අධ්‍යයනය කළ කරුණු ඇසුරෙන් වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ජූනි මාසය වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පහසුකම් සහ රෝහල් ධාරිතාවයද ඉක්මවා යා හැකි බව එම අධ්‍යයන ආයතන පෙන්වා දී තිබේ.

දෛනික රෝහල් පහසුකම් භාවිතය දක්වා ඇති අයුරු

එමෙන්ම මැයි මාසයේ අවසන් සතිය කිහිපය පමණ වන විට ශ්‍රී ලංකාව ආසාදිතයන් වාර්තා කිරීම උපරිමයට ළඟා වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙන අතර සැප්තැම්බර් 01 වැනිදා පමණ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිත මරණ 20,000 ඉක්මවා යනු ඇති බවත් සඳහන් වෙයි.

කොරෝනා නිසා සිදුවන සමස්ත මරණ ප්‍රමාණය දක්වා ඇති අයුරු

එම දත්ත ඔබටත් නැරඹීම සඳහා පහත ලින්ක් එකෙන් පිවිසිය හැකිය

https://covid19.healthdata.org/sri-lanka?view=cumulative-deaths&tab=trend

Rate this item
(4 votes)
Last modified on Monday, 10 May 2021 15:21