April 18, 2024

හිරේ ඉන්න රන්ජන්ට විදුලි පංකාවක්, රූපවාහිනියක්! ඇමැතිගෙන් ලැබුණු පහසුකම් මෙන්න

සිරදඩුවම් විදින රන්ජන් රාමනායක මහතාට අවශ්‍ය පහසුම්කම් මේවන විට සපායා දී ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසූවේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ පාවිච්චිය සඳහා වෙනම රූපවාහිනී යන්ත්‍රයක් ලබාදුන් බවයි.

රාමනායක මහතාට රූපවාහිනී යන්ත්‍රයක් මෙසේ ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ඉල්ලීමක් සලකා සලකා බැලීමෙන් පසුව යැයි ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

මීට අමතරව රන්ජන් රාමනායක මහතාගේ පාවිච්චිය සඳහා වෙනම විදුලි පංකාවක්, මෙට්ටයක් හා වැසිකිළි කැසිකිළි පහසුකම්ද ලබා දී ඇත.

ඔහු මන්ත්‍රී ධූරය දැරූ කාලයේදී පාවිච්චි කළ මාදිවෙල මන්ත්‍රී නිළ නිවාසය තවත් මාස හයක කාලයකට පාවිච්චිය සඳහා ලබාදුන් බවද ඒ මහතා සඳහන් කළේය .

තමාගේ බඩු භාණ්ඩ තබාගැනීමට එම නිවස යම් කාලයකට ලබාදෙන්නැයි රන්ජන් රාමනායක මහතා සිය ලේකම්වරයා මාර්ගයෙන් පසුගියදා ඉල්ලීමක් කළ බවත් තමා ඒ අනුව කතානායක වරයා සමග සාකච්ඡා කර එම ඉල්ලීම ඉටු කර දීමට කටයුතු කළ බවත් ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)