April 19, 2024

1990 "සුව සැරියත්" මගේ වැඩක්: මට ක්‍රෙඩිට් වැඩි නිසා මම ඒක හර්ෂට දුන්නා - රාජිත

මේ දිනවල කවුරුත් අගය කරන , කතා කරන 1990 "සුව සැරිය" ගිලන් රථ සේවාව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන්ගේ සංකල්පයක් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

තමා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරද්දී සුවසැරිය ගිලන් රථ සේවාව ඉන්දියාවෙන් නොමිලේම ලබා දුන් බවද සේනාරත්න මහතා සඳහන් කරයි.

රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ 1990 "සුවසැරිය" ගිලන් රථ සේවාව යහපාලන රජයේම අමාත්‍ය ධූරයක් දැරූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ඉන්දියාවෙන් ලැබුණු බව සමාජගත වී තිබීම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් සමඟ කළ සාකච්ඡාවක දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තමා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රෝග 5ක් මේ රටින් තුරන් කළ බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඇගයීමට ලක්වූ බවත් එම සාකච්ඡාවේ දී පෙන්වාදුන් සේනාරත්න මහතා තමන්ට තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කළ බොහෝ දේවල් පිළිබඳව ලැබුණු ගෞරව වැඩි නිසා සුවසැරිය හඳුන්වාදීමේ ගෞරවය තමා සිය කැමැත්තෙන්ම ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබාගැනීමට අවස්ථාව දුන් බවය.

යහපාලන ආණ්ඩු සමයේ සුවසැරිය ගිලන් රථ සේවාව හඳුන්වා අවස්ථාවේ අද ආණ්ඩුවේ සිටින එදා විපක්ෂයේ සිටි විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු බොහෝ දෙනකු මෙය ශ්‍රී ලංකාවේ ඔත්තු බැලීම සඳහා ඉන්දියාව , ඉන්දියාවේ කාර්ය මණ්ඩලයක් සමග ශ්‍රී ලංකාවටත් ලබාදෙන බවට මතවාදයක් සමාජ ගත කළ අතර ඇතමුන් මෙම ගිලන් රථ සේවාව ප්‍රයෝජනයට නොගන්නා ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.

Rate this item
(0 votes)
Last modified on Monday, 10 May 2021 15:01