April 25, 2024

රනිල්ගේ ඇම හරින්ට: සජිත්ට අවුලක් වන ලකුණු

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සැත්කමකට භාජනය කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන බව වාර්තා වේ.

මීට ටික දිනකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බැලීමට ගොස් පැයක පමණ කාලයක් ඔහු සමඟ කතා බස් කළ අතර කතාබස් කළේ මොනවාදැයි දෙදෙනා විසින්ම මෙතෙක් හෙළිදරව් කොට නොමැත.

එහෙත් එම සාකච්ඡාවේදී තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට තිබෙන සූදානම් සම්බන්ධයෙන් විදේශ තානාපති කාර්යාල දැනුවත් කරන ලෙස හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කොට තිබෙන බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් සඳහන් කරයි.

ගෙවුන සතියේදී එජාප සභාපති වජිර අබේවර්ධන මහතාද හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට ගොස් සිටින අතරතුර වික්‍රමසිංහ මහතා අබේවර්ධන මහතාට දුරකතන ඇමතුමක් ලබාගෙන ඒ හරහා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමග කතා බස් කොට තිබෙන බවද දැන ගන්නට තිබේ.

එහිදී හරින් ප්‍රනාන්දු මහතා මේ දිනවල තමා පොත් කියවමින් සිටින බවත් ඒ අතර වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් වූ පොතක්ද කියූ බව වික්‍රමසිංහ මහතා අමතා සඳහන් කොට ඇති මුත් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් කියවූ පොත කුමක්දැයි සඳහන් කොට නොමැත.

ඉතා නුදුරේදීම රනිල් වික්‍රමසිංහ මහතා එජාපයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පාර්ලිමේන්තුවට එන බව මේ වන විටත් එජාපය තහවුරු කොට තිබේ.

එසේ පැමිණීමෙන් පසු එජාපයෙන් කැඩී ගිය සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සමඟ වික්‍රමසිංහ මහතා ඇයි හොඳයිකම් පැවැත්වීම සිදුවන බවත් එය සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට හිසරදයක් වනු ඇති බව මේ වන විටත් සමගි ජන බලවේගය ජේෂ්ඨයන් කිහිපදෙනෙක්ම සජිත් ප්‍රේමදාස මහතාට අනතුරුද අඟවා තිබේ.

Rate this item
(4 votes)
Last modified on Sunday, 09 May 2021 10:29