April 26, 2024

ගීතාත් කලකිරීමෙන් - දේශපාලනයත් එපා වෙයි

‘‘කොවිඩ් එන්නත මුළු රටේම ඉන්න ජනතාවට ලබා දෙන්න සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතුයි. දැන් තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. ඒ නිසා මොන රටෙන් හරි කමක් නැහැ මේ කොවිඩ් එන්නත ගෙන්වලා රටේ සෑම පුරවැසියකුටම ලබා දීමට කටයුතු කිරීම ඉතා වැදගත්’’ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය මහත්මිය පැවසුවාය.

කොවිඩ් එන්නත ගැන කතා කර කර සිටිනවාට වඩා ඒවා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට බලධාරීන් වහා මැදිහත් විය යුතුව ඇතැයි ද ඇය සඳහන් කළාය.

ඇය මෙම අදහස් පල කර සිටියේ දිවයින පුවත් පත සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.
 
එහිදී ඇය මෙසේ අදහස් දැක්විය.
 
"මේ කොවිඩ් එන්නත තාම මුළු රටේම ඉන්න ජනතාවට ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. ජනතාව අපෙන් මේ ගැන අහනකොට අපි සෑහෙන අසරණ වෙනවා. දැන්වත් අපි කියන්නේ පුළුවන් තරම් මේ එන්නත ඕඩර් කරලා ගෙන්වලා රටේ පුරවැසියන්ට ලබාදෙන්න කියලයි. දැන් මට හිතෙනවා කලාව කරගෙන හිටියා නම් මේ මොකුත් නැහැනේ කියලා. මේ කොවිඞ් වසංගතය තුරන් කරලා ජනතාව බේරාගත හැක්කේ එන්නත්කරණයෙන් විතරයි. අපේ‍්‍රල් මාසයේ ජනතාවට ඕන ඕන විදිහට විනෝද වෙන්න දීලා ආණ්ඩුව පැත්තකට වෙලා හිටියා. සමහරු කොවිඩ් මේ රටේ නැහැ වගේ හැසිරෙමින් අවුරුදු උත්සව පැවැත්වූවා. තවත් පිරිස් රට වටේ විනෝද චාරිකා ගියා. ඒකේ අනිසි විපාක නේද අද මේ භුක්ති විඳින්නේ."

Rate this item
(1 Vote)