April 25, 2024

පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය වසා දමයි Featured

කොවිඩ් ආසාදිත යැයි සැක සේවකයකු හමුවීම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වසා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එහි සෙසු සේවක පිරිස් නිරෝධායනයට යොමුකර ඇත.

මේ අතර ආරක්ෂක පියවරක් ලෙස කතානායකවරයා එහි පැමිණීමද වළක්වා ඇත.

කොවිඩ් සැක සේවකයා හමුවීමෙන් පසුව කතානායක කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශය පූර්ණ ලෙස විෂබීජහරණය කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුව සේවකයන් පිරිසක් කොරෝනා පරීක්ෂණවලට යොමු කර ඇති බවත් එම පරීක්ෂණවල වාර්තා අද හෙටම ලැබීමට නියමිත බවත් වාර්තාවේ.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සෞඛ්‍යාරක්ෂාවේ ලොකු ගැටළුවක් නැති බවත් එහි එම ආරක්ෂාව තහවුරු කිරීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්ය.

මන්ත්‍රීවරු ,පාර්ලිමේන්තු සේවකයෝ සහ පාර්ලිමේන්තු මාධ්‍යවේදිහු පිරිසක් කොවිඩ් රෝගයට මෙයට පෙර ගොදුරු වූහ.

 

Rate this item
(0 votes)

Related items