April 25, 2024

සයිනොෆාම් චීන එන්නතට WHO අනුමැතිය

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ( WHO) අනුමැතිය හිමිව තිබේ.

චීනයෙන් මෙරටට ලැබුණු සයිනොෆාම් කොවිඩ් එන්නත් ආසාදිතයින් බහුල ප්‍රදේශ තෝරා ගෙන ජනතාවට ලබා දීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

එසේ තෝරාගත් ප්‍රදේශවල ජනතාවට ලබන සතියේ සිට එම එන්නත් ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

චීන රජය විසින් මෙරටට එන්නත් මාත්‍රා 600,000 පරිත්‍යාග කළ අතර ඉන් කොටසක් මෙරට ජීවත්වන චීන ජාතිකයින්ට ලබා දුනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 07 May 2021 21:59