April 19, 2024

සායනික වාර්තා බොරු - අදත් මගෙන් පැණිය අරන් ගියා : ධම්මික වෙද මහතා යළි කරළියට

කොවිඩ් පාලනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දුන් දේශීය ඖෂධ පැණිය කොවිඩ් රෝගීන් සුවපත් කර ගැනීමට තවදුරටත් භාවිතා කිරීම සඳහා සාධනීය ලක්ෂණ පෙන්නුම් නොකරන බව අදාළ පර්යේෂණය පැවැත්වූ බටහිර වෛද්‍ය විශේෂඥ කමිටුව දැනුම් දී තිබේ.

ඒ අනුව ඒ පිලිබඳ පරීක්ෂණ ඉදිරියට ගෙන නොයන බව එම විශේෂඥයින් පවසයි. 

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ් මර්ධනයට සුදුසු ප්‍රතිකාරයක් ලෙස පැණියක් හඳුන්වා දෙනු ලැබූ අතර එය පළමුවෙන්ම වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 140 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් පර්යේෂණයට අත්හදා බලා තිබිණි.

ඒ එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය අධිකාරී චූලා බණ්ඩාර මහතා, එම කොවිඩ් ප්‍රතිකාර ඒකකය භාර වෛද්‍ය ධම්මික කුමාර මහතා, කොළඹ ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්දී සමරකෝන් මහත්මියගේ මැදිහත් වීමෙනි.

ඒ අනුව අදාළ ඒකකයෙන් පැණියේ අහඹු පරීක්ෂණයට තෝරා ගත් රෝගීන් දස දෙනාගේම ශරීරයෙන් කොවිඩ් වෛරසය ඉවත් වී ඇති බව ඉකුත් වසරේ නොවැම්බර් 16 වැනිදා තහවුරු කර තිබිණි.

අනතුරුව දෙවන පර්යේෂණය ආරම්භ කෙරුණේ ගම්පහ මහා රෝහලේ කායික විශේෂඥ රෝග වෛද්‍ය අරුණ මුණසිංහ මහතා ද සම්බන්ධ කර ගනිමිනි.

එම පරීක්ෂණයට යොදා ගත් රෝගීන් 31 දෙනෙකුගෙන් සමන්විත නියැදියේ රෝගීන් 16 දෙනෙකුට ධම්මික පැණිය ලබා දුන් අතර නියැඳියේ සෙසු රෝගීන් 15 දෙනාට වෙනත් ආදේශක පැණියක් ලබා දී තිබිණි.

කෙසේවෙතත් මෙම පර්යේෂණ වලින් අනාවරණය වූයේ ධම්මික පැණිය ලබා දුන් 16 දෙනාගේ සිරුරෙන් වෛරසය ඉවත් වී ඇති බවය.

මෙම ඖෂධ පැණිය සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමෙන් පර්යේෂණයක් සිදු කිරීමට යොමු කෙරුනේ එවන් පසුබිමකය.

ඉකුත් දෙසැම්බර් 30 වැනිදා ධම්මික පැණිය සඳහා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය ධර්ම කමිටුවේ හිමි වූ අතර ඉන්පසුව එය කොවිඩ් ආසාදිතයින් සඳහා සායනික මට්ටමින් පර්යේෂණ කමිටුවට නිර්දේශ කළේය.

ඒ අනුව අදාල සායනික පර්යේෂණ සඳහා අවසර ලබා දීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පියවර ගනු ලැබීය.

ඒ අනුව කොවිඩ් පාලනය සඳහා කෑගල්ලේ ධම්මික ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දුන් දේශීය ඖෂධ පැණිය කොවිඩ් රෝගීන් සුවපත් කිරීමට තවදුරටත් භාවිත කිරීම සඳහා සාධනීය ලක්ෂණ පෙන්නුම් නොකරන බව අදාල පර්යේෂණ පැවැත්වූ බටහිර වෛද්‍ය විශේෂඥ කමිටුව දැනුම් දී තිබේ.

අදාළ අවසන් කරුණු දැක්වීම මේ වන විට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලේකම් වෙත යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඖෂධ පැණියේ නිෂ්පාදක ධම්මික බණ්ඩාර මහතා මෙසේ ප්‍රතිචාර දැක්වීය.

"බටහිර වෛද්‍යවරු පිරිස් දෙකක්ම තමයි මේ පරීක්ෂණය කරන්නේ. එකක් වතුපිටිවල අනිත් එක අනුරාධපුරේ. අනුරාධපුරේ එක අසමත් කියලා මාස ගාණකට පස්සේ කියනවා. ලෙඩ්ඩු 68කට තමයිලු මේ පරීක්ෂණය කෙරුවේ. බෙහෙත් හදවාගෙන ගියේ එකසිය ගානක් හෝ දෙසීයකට මේ බෙහෙත දීලා තමයි පරීක්ෂණය කරන්නේ. ඒකෙන් සියකටවත් තියෙන්න ඕනේ කියලා තමයි කිව්වේ. මේ දුන්න වාර්තාව මම පිළිගන්නේ නැහැ. මේක අසමත් කියලා මම පිළිගන්නේ නැහැ හේතුව අද දවසෙත් මගෙන් බෙහෙත් ගෙනිහිල්ලා මිනිස්සු සනීප වෙනවා. ඒ මාත්‍රාව හරියට බීලා, මස් මාළු නොකා නොබී මේ බෙහෙත බීපු අයට මේ ලෙඩේ හැදුණේ නැහැ."

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 05 May 2021 21:21

Related items