April 25, 2024

හිටපු ජනපතිගේ සූදානම මීළඟ ජනපතිවරණයටද? Featured

මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් තිබෙන බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් සඳහන් කරයි.

අද රට ගමන් කරමින් තිබෙන පසුබිම තුළ මීළඟ ජනපතිවරණය පැවැත්වීමට 2024 කාලවකවානුව වන විට තමාට ජනපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසු වාතාවරණයක් රට තුළ නිර්මාණය වනු ඇති බවට හිටපු ජනපතිවරයා තුළ බලවත් විශ්වාසයත් තිබෙන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කල් යල් බලමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඒ සඳහා අවශ්‍ය පදනම මේ වන විට ජනපතිවරයා සකස් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ හැරුණු කොට ආණ්ඩුව තුළ සිටින විකල්ප පක්ෂ හා සංවිධාන 12 කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙසද ශ්‍රීලනිපය කටයුතු කරන්නේ හිටපු ජනපතිවරයාගේ පූර්ණ අනුමැතිය මතය.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දැවැන්ත චරිත ශ්‍රීලනිපයෙන් ඉවත්ව ගියත් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ මට්ටමට වැටීමට ඉඩ නොදී ඉතා උපක්‍රමශීලීව හිටපු ජනපතිවරයා කටයුතු කරන බව ඔහු පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්නෙකුට දැකබලා ගැනීමට හැකි බවද එම ආරංචි මාර්ග අවධාරණය කරයි.

මේ වන විට වත්මන් ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගෙන සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන හිටපු ජනපතිවරයා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඡන්දය දීමෙන් වැළකී සිටී දෙදෙනාගෙන් එක් අයෙකි.

එසේ ඡන්දය දීමෙන් වැළකුණු අනිත් ආණ්ඩු පක්ෂ සාමාජිකයන් වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය.

කතානායකවරයා මධ්‍යස්ථව සිටිය යුතු බැවින් අබේවර්ධන මහතා දී ඡන්දය දීමෙන් වැළකී සිටින ලදී.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 05 May 2021 23:38