April 23, 2024

ත්‍රස්ත පනත යටතේ රිෂාඩ් ඉන්නේ: පාර්ලිමේන්තු ගේන්න බැහැ - මහජන ආරක්ෂක ඇමති

රිෂාඩ් බදුදීන් මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසු වන බැවින් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීමට ඉඩ නොදෙන ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තමන්ගේ ඉල්ලා සිටි බව මහජන ආරක්ෂාව කටයුතු පිලිබද අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවට දැනුම් දීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

එසේ බදියුදීන් මහතාව පාර්ලිමේන්තුවට ගෙන ආවොත් ඔහු ලබාදෙන සාක්ෂි පිළිබඳ තොරතුරු එළියට යෑමට ඉඩ ඇති බැවින් තමන්ගෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළ බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් සඳහන් කරන ලදී.

එනිසා මේ කරුණු සලකා බලා තීරණයක් ගන්නා ලෙස තමන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද වීරසේකර අමාත්‍යවරයා එහිදී සඳහන් කරන ලදී.

ඒ අවස්ථාවේ ඊට විරෝධය පාමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම සමගි ජනබලවේගයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, චමින්ද විජේසිරි, මුජිබර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් අදහස් දැක්වූ අතර දෙමළ ජාතික සන්ධානයේ එම්. සුමන්දිරන් මහතාද අදහස් පළ කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 May 2021 10:50

Related items