April 19, 2024

ලංකාවේ කොල්ලෙකුට ඩුබායිහිදී ලක්ෂ 6400 ක ලොතරැයියක් ඇදිලා - ජයග්‍රහකයා මේ වනවිට ලංකාවේ

ඩුබායි හි සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන මොහොමඩ් මිෂ්ෆක් හට ABU DHABI BIG TICKET සුපිරි ලොතරැයියේ පළමු දිනුම වන ඩිරාම් මිලියන 12ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 64ක (ලක්ෂ 6400) මුදල ජයග්‍රහණය කොට ඇති බව GULF NEWS පුවත් වාර්තා කර තිබේ.

ඊයේ (3) මෙම දිනුම් ඇඳීම සිදු කර ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ මේ වන විට 36 වන වියේ පසුවන මොහොමඩ් මිෂ්ෆක් නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබීමය.

එම ජයග්‍රාහී ටිකට් පත සඳහා 20 දෙනෙකු දායකත්වය ලබා දුන් බවත් ඒ අනුව තමන්ගේ පංගුව ඩිරාම් ලක්ෂ හයක් එනම් රු.ලක්ෂ 320 ක් බව ඔහු පවසන්නේ නිහතමානීවය.

තම පියා හට ශල්‍යකර්මයක් කිරීමට තිබෙන බැවින් මෙම මුදල මේ අවස්ථාවේ තමන්ට ඉතා වටිනා බවද ඔහු පවසයි.

ඩිරාම් 7000 ක මාසික වැටුපකට පසුගිය වසර 10 පුරාවට ඩුබායිහී පෞද්ගලික සමාගමක විකුණුම් වෘත්තිකයෙකු ලෙස සේවය කරන මොහොමඩ් මිෂ්ෆක් සිය මිතුරන් 20 දෙනා සමග පසුගිය වසර 1 1/2 කාලය පුරාවට BIG TICKET ලොතරැයිය මිලට ගැනීමට පුරුදුව සිට තිබේ.

විශ්‍රාම GULF NEWS සමඟ අදහස් දක්වමින් සඳහන් කර තිබෙන්නේ මෙය තමන්ට අදහා ගන්නටත් බැරි දෙයක් බවය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 20:43