April 25, 2024

"එන්නත වෙනුවට මුලින්ම කළේ මුට්ටි බෙහෙත - එන්නත් ගැන හිතුවෙ නෑ" - සජිත්

එන්නත වෙනුවට මුලින්ම කලේ මුට්ටි බෙහෙත බවත් එය ෆේල් වූ විට බොරු පැනියක් ගෙනා බවත් ඒ නිසා එන්නත ගැන සිතුවේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම පැණිය අලෙවි කිරීමේ කොන්ත්‍රාත්තුව සිදු කලේ රජයට සම්බන්ධ වහල්ලු කොට්ඨාසයක් බවද සඳහන් කරයි.

සීනි හොරකම නොකර එන්නත ගෙන්වූ නම් අපේ රටේ මේ ඇති වී තිබෙන මේ අනාරක්ෂිතභාවය මේ තරම් දුර දිග යන්නේ නැති ද ඒ මහතා පවසයි.

එසේ වුණා නම් ජාතික ආරක්ෂාවට මරු පහරක් එල්ල නොවන බවද පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඇතුළු සාමාජිකයන් ගණනාවක් පන්නා දමා තිබෙන බව සඳහන් කරයි.

කොරෝනා මැඩ පවත්වා ගැනීමට අවශ්‍ය වන්නේ එන්නත බවත් අපට මේ වන විට දැඩි සත්කාර ඒකක ඇඳන් අවශ්‍ය බවත්, වෙන්ටිලේටර්ස් අවශ්‍ය බවත්, එකෝ මැෂින් අවශ්‍ය බවත්, ඔක්සිජන් සිලින්ඩර් අවශ්‍ය බවත්, පී.සී.ආර් යන්ත්‍ර අවශ්‍ය බවත් සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිණි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 04 May 2021 18:47