April 20, 2024

ධම්මික පැණිය හොඳයි කිව්වේ අපි නෙමෙයි: බටහිර වෛද්‍යවරුන් - රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි

මතභේදයට තුඩු දී තිබෙන ධම්මික පැණිය හොඳ බව කීවේ තමන් නොව බටහිර වෛද්‍යවරුන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලදී.

වතුපිටිවල රෝහලේ වෛද්‍යවරුන් කොවිඩ් 19 වැලඳුණ රෝගීන්ට ධම්මික පැණි ලබා දීමෙන් පසු එම රෝගීන් සුවය ලැබූ බවට වාර්තා සමගම තමන් වෙත තොරතුරු ඉදිරිපත් කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

එනිසා ධම්මික පැණිය හොඳයි කීම තමන් වෙත පැටවීම වැරදි හේතුවක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොවිඩ්-19 සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.

එහෙත් මීට කලකට පෙර සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ධම්මික පැණිය නිර්මාණය කළ ධම්මික බණ්ඩාර වෙද මහතාද පාර්ලිමේන්තුවට කැඳවා කතානායකවරයාට මෙන්ම සෞඛ්‍ය ඇමැතිවරියටද ධම්මික පැමිණ පැණිය පානය කිරීමට අවස්ථාවක් ලබා දෙන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 17:38

Related items