March 28, 2024

මාර වැඩේ: ඩයනා ගමගේ උපන් දකුණු කොළඹක්, කොළඹ කොහෙවත් නෑලු !

මතභේදාත්මක ප්‍රකාශ කිරීමට උපන් හපන් ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ නමින් ඇති අංක 6553 යටතේ ඇති උප්පැන්න සහතිකයේ සඳහන් දකුණු කොළඹ කොට්ඨාශය නමින් ප්‍රදේශයක් කොළඹ දිස්ත්‍රික්කයේ නොමැති බව අනාවරණය වී තිබේ.

මෙම අනාවරණය කොට තිබෙන්නේ තිබිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ජීවනි කරුණාරත්න මහත්මියයි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍ය පුරවැසියෙකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර බලපත්‍ර 2ක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේදී ජීවනී කරුණාරත්න මහත්මිය අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙමින් මේ බැව් අනාවරණය කොට තිබේ.

අංක 6553 යටතේ දකුණු කොළඹ මහ රෝහලේ තමන් උපන් බවට උප්පැන්න සහතිකයක් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කොට ඇති අතර එහි සඳහන් දකුණු කොළඹ ප්‍රදේශයක් කොළඹ ප්‍රදේශයේ නොමැති බව ජීවනි කරුණාරත්න මහත්මියගේ ප්‍රකාශය සඳහන්ය.

මෙම කරුණු හෙළිදරව් වූයේ අංක 22 , වට මාවත ලිපිනයේ පදිංචි ඕසල අනිල් ලක්මාල් හේරත් යන අය විසින් ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍ය පුරවැසියකු ලෙස සිටිමින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා රාජකාරී ගමන් ගමන් බලපත්‍රයක් හා සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ලබාගෙන මෙරට නීති විරෝධීව රැඳී සිටීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කොට තිබෙන පැමිණිල්ලට අදාළ විමර්ශනවලදීය.

පැමිණිල්ලට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක චම්පික රාමවික්‍රම මහතාගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය විදේශ පුරවැසිභාවය ලබාගත් බව වසන් කොට මෙරට පුරවැසිභාවය සඳහා අංක 6553 දරන උප්පැන්න සහතිකය සහ අංක 658534300 V දරන ජාතික හැඳුනුම්පත් හැදුනුම්පත් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත් දෙකක් ලබාගෙන ඇති බවය.

එමෙන්ම අංක 1948 අංක 18 දරන පුරවැසි පනත අනුව විදේශ රටක පුරවැසිභාවය ලබා ගන්නා ශ්‍රී ලාංකිකයකුට මෙරට පුරවැසිභාවය අහෝසි වන බවද රාමවික්‍රම මහතා සිය ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය 2004 දෙසැම්බර් 22 දින නිකුත් කරන ලද අංක 658534300 V දරන ජාතික හැඳුනුම්පත හා අංක 6553 දරන උප්පැන්න සහතිකය හා අංක N 501386 දරන විදේශ ගමන් බලපත්‍රය 2014 ජනවාරි 24 දින ලබාගෙන ඇති බවට අපරාධ විපක්ෂ විමර්ශන දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කොට ගෙන තිබේ.

එමෙන්ම 2018 අගෝස්තු 7 වැනි දින ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් අංක O L 5654794 දරන රාජකාරී ගමන් ගමන් බලපත්‍රයක්ද ලබා ගෙන ඇති අතර ඒ සඳහා ඇය තවත් ලියකියවිලි රාශියක්ද ලබාදී ඇති බවටද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කොට ගෙන තිබේ.

මෙම කරුණු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ එහෙම ක්‍රියා පිළිවෙතින් දණ්ඩ නීති සංග්‍රහයේ 175 සහ 1948 අංක 20 දරන ආගමික හා විගාමික පනතේ 45 (1) (අ) සහ (ඇ) වගන්තිය යටතේ වැරැද්දක් නිරීක්ෂණය වන බව සඳහන් කරමින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ වන විටත් අධිකරණයට කරුණු වාර්තා කොට තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී පක්ෂයේ තීන්දුවට පටහැනිව යමින් ආණ්ඩුවත් සමග ඊට පක්ෂව ඡන්දය දෙමින් මේ වන විට ආණ්ඩුවට එක්වී සිටී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 18:42

Related items